Find Us Online At
iBookstore
Android app on Google Play
Like Us
A programme by
සහෝදර තාරකා යුගලක අවසන් මොහොත
22 October 2015

රාති‍්‍ර අහසේ අපට තාරකා දැක ගත හැකි වන්නේ තනි ආලෝක ලප ලෙසයි. එසේ දකින්නට ලැබුනද  මෙම ආලෝක ලප වලින් අඩකටත් වඩා නිර්මාණය වී ඇත්තේ තාරකා දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙකා වටා පරිභ්‍රමණය වීමෙනි.

සහෝදර තාරකා බිහිවීම ඉතා සුලභ සංසිද්ධීන් වුවත් මෙම සේයාරුවේ දැක්වෙන්නේ මේ දක්වා ඡායාරූප ගතකර ඇති විශාලතම, උෂ්ණත්වයෙන් අධිකම හා සමීපතම තාරකා යුගලයි.

සාමාන්‍යයෙන් සහෝදර තාරකා යුගලකට එකිනෙකා වටා පරිභ්‍රමණය වීමට මාස, වසර හෝ ඇතැම් විට වසර සිය ගණනක කාලයක් ගතවනවා. නමුත් මෙම සේයාරුවේ තාරකා යුගලට ඊට ගතවන්නේ දවසකට වඩා මදක් වැඩි කාලයක් පමණයි. (පෘටිවීයට සුර්යා වටා පරිභ්‍රමණය වීමට දින 365 ගතවනවා)

මෙම තාරකා යුගල අසාමාන්‍ය විශාලත්වයකින් හා උෂ්ණත්වයකින් යුක්තයි. මෙම යුගලේ මුලු ස්කන්ධය සුර්ය ස්කන්ධ හැටකට සමාන වන අතර මතුපිට උෂ්ණත්වය අංශක හතලිස්දහසකට වඩා අධිකයි. සුර්යා මතුපිට උෂ්ණත්වය අංශක හයදහසක් වුවත් ඊට කිලෝමීටර මිලියන එකසියපනහක් දුරින් සිටින අපේ සම පිළිස්සීමට එය ප්‍රමාණවත්.

මෙබඳු යුගල් වීම් නිතර දැකිය නොහැක්කේ ඒවා ඉතා වේගයෙන් සිදුවන නිසයි. එමනිසා ඒවා ඡායාරූපගත කීරීම තරමක් අපහසු වනවා. වැඩිකල් ගතවීමට පෙර මෙම තාරකාවල අවසානය ආකාර දෙකකට සිදුවනු ඇති: එය විනාශකාරී සුපර්නෝවා පිපුරුමක් හෝ ඊටත් භයානක ගැමා කිරණ විමෝචනයක් විය හැකියි. ඉහත සේයාරුවේ දැක්වෙන්නේ විනාශ වීමට පෙර එම තාරකා යුගලේ අවසන් මොහොතයි.  

ඔබේ දැනුමට

මේ දක්වා ගැමා කිරණ විමෝචන නිරීක්ෂණය කර ඇත්තේ අපගේ මන්දාකිනියට පිටතින් පමණක් වන අතර එයින් පෘටිවීයට බලපෑමක් සිදුවී නැත. නමුත් පෘටිවීයට ආසන්නයේ මෙවැන්නක් සිදු වුවහොත් ඉන් බරපතල හානි රැසක් සිදු විය හැකිය.    

Share:

More news
12 October 2020
1 October 2020
16 September 2020
14 September 2020
10 September 2020

Images

Sibling Stars in a Crushing Hug
Sibling Stars in a Crushing Hug

Printer-friendly

PDF File
1000.7 KB